අනුර – ටිල්වින් ගැටුම උග්‍රයි !
1 min read
ජනාධිපති අනුර කුමාර හා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර ඇතිව තිබෙන ගැටුම මේ වන විට තීරණාත්මකව වර්ධනය වෙමින් ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. පලාත් සභා මැතිවරණය මෙම වසරේ පැවැත්වීමට හැකියාවක් නොමැති බව ටිල්වින් සිල්වා පැවසීමෙන් පසුව, ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරයේ ගොඩ ගැසී තිබෙන මුදල් ප්‍රමාණය ගැන ප්‍රකාශ කළේ ටිල්වින් සිල්වාට වක්‍ර මාර්ගයෙන් දෙන ලද පිළිතුරක් ලෙස බව එම ආරංචි මාර්ග අවධාරණය කරනු ලැබ තිබේ.
පසුගිය දා රජයේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ද එම කරුණ පිළිබඳව විමසූ විට ප්‍රකාශ කළේ ටිල්වින් දැක්වූ ස්ථාවරයට පටහැනි මතයකි. ටිල්වින් කීවේ මුදල් නැති කම ගැනය. එහෙත් නලින්ද හා ජනාධිපති අනුර කීවේ මුදල් ඇති තරම් තිබෙන බවය. මේ මත බෙදීම මගින් පිටතට ප්‍රකාශයට පත් වූයේ මෙම දෙපාර්ශවයේ පවතින අභ්‍යන්තර ගැටුම බව අපගේ ආරංචි මාර්ග අවධාරණය කරනු ලබයි.
ටිල්වින් සිල්වා සමග බිමල් රත්නායක, කලවැල්ගල චන්දාලෝක හිමි ඇතුලු පිරිසක් සිටින අතර, අනුර කුමාර ජනාධිපතිවරයා සමග විජිත හේරත්, ලාල් කාන්ත හා නලින්ද ජයතිස්ස ඇතුලු පිරිසක් එකට සිටිති. මෙය ඉදිරියේ දී මීටත් වඩා වැඩියෙන් පිටතට දැකගත හැකිවනු ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දේ.
