June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්චුනා ට එරෙහිව, දැඩි තීරණයක් ගැනීමට ඉන්දියාවේ සූදානමක්..!

1 min read

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව උසස් රාජ්‍යතාන්ත්‍රික අංශවලින් අනාවරණය වේ.

මෙම පියවර ගැනීමට බලපා ඇති ප්‍රධානතම සාධකය වී ඇත්තේ ද්විපාර්ශ්වික සබඳතාවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ස්වාධිපත්‍යයට හානි පමුණුවන අන්දමේ ප්‍රකාශ ඔහු විසින් සිදු කර තිබීමයි.

කච්චතිව් දූපත නැවතත් ඉන්දියාව සතු කරගත යුතු බව පවසමින්, තමිල්නාඩු ප්‍රාන්ත රජය මාර්ගයෙන් නවදිල්ලි මධ්‍යම රජයට බලපෑම් කිරීමට මොහු උත්සාහ කර ඇත.

මෙම ක්‍රියාව හරහා අසල්වැසි රටවල් දෙක අතර අනවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ගැටලු ඇති කිරීමට තැත් කිරීම හේතුවෙන් ඉන්දීය බලධාරීන්ගේ දැඩි අප්‍රසාදය ඔහු වෙත එල්ල වී තිබේ.

මෙහි ආරම්භක පියවරක් ලෙස, මන්ත්‍රීවරයාව ඉන්දීය රජය විසින් පිළි නොගන්නා පුද්ගලයෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට එරට විදේශ අමාත්‍යාංශයේ ‘සවුත් බ්ලොක්’ කාර්යාලය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටී.

මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගය බලාත්මක වුවහොත්, අර්චුනා මන්ත්‍රීවරයාට ඉන්දියාවට ඇතුළු වීම සඳහා නිකුත් කරන වීසා බලපත්‍ර අහෝසි කිරීමට හෝ අත්හිටුවීමට කටයුතු කෙරෙනු ඇති බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

ජනප්‍රිය පුවත්  "කිසිවෙකු සමඟ නඩුව ගැන සාකච්ඡා එපා" - බෙහෙත් නඩුවේ සාක්ෂිකාරියකට විනිසුරු මඩුල්ලෙන් නියෝගයක්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x