June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පේ පෑල් හා කෑලි හාල්

1 min read

“ශ්‍රී ලංකාවට පේ පැල් ගෙනල්ලා. කොහොමද මාලිමා ආණ්ඩුවේ වැඩ. ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කිව්වා. දැන් සතුටුද ?”
මේ පහුගිය දවස් වල ඩෝබියො සෑහෙන උස්සගෙන ගිය කතාවක්.

ඩෝබීන්ටත් මේ ලයින් එක හදලා දුන්නේ ආණ්ඩුව. විශේෂයෙන්ම කිසිම වැඩක් නොකර, මීටිං තිය තියා ලකුණු දාගන්න උත්සාහ කරන චතුරංග අබේසිංහ වගේ බුවාලා මේ ප්‍රොජෙක්ට් එක විකුණන්න උත්සාහ කරනවා දැක්කා.

හැබැයි ඇත්ත මොකක්ද ?

ඔව්! ලංකාවට පේ පෑල් (PayPal) මුදල් ලබා ගැනීමේ පහසුකම දීලා. (තවමත් වාණිජ මෙහෙයුම් හරියටම ආරම්භ කරලා නැහැ).

හැබැයි ඒක ආණ්ඩුව කරපු වැඩක් නෙවෙයි.

ලංකාවට පේ පෑල් මුදල් හුවමාරු පහසුකම ලැබෙන්නේ, ලංකාවේ කොමර්ෂල් බැංකුව ඒකට වැඩ කරපු නිසා.

පැහැදිලිවම පේ පෑල් එක්ක කතා කරලා, ප්‍රසන්ටේෂන් කරලා මේ සේවාව ලංකාවට ගෙනාවේ කොමර්ෂල් බැංකුව.

එතනදී පේ පෑල් සමාගම සමග ප්‍රධාන සම්බන්ධය සහ වගකීම තියෙන්නේ කොමර්ෂල් බැංකුවට.

කොහොමත් ලංකාවේ පුද්ගලික අංශය ඉතා ඉදිරියෙන් ඉන්න, ලෝකය එක්ක ගණුදෙනු කරන, අප්ඩේට් තැනක්.

ඔවුන් ලංකාවට බොහෝ දේවල් ගෙනාවා. ලෝකයේ අලුත්ම තාක්ෂණය ගෙනාවා.

ජනප්‍රිය පුවත්  Gota go home පිටුපස ගේම!

කළින් ආණ්ඩු ඒවට පැනලා හයිජැක් කළේ නැහැ.

මොකද ආණ්ඩු වලට විකුණාගන්න පුද්ගලික අංශයේ ප්‍රොජෙක්ට්ස් ඕන නැහැ. ආණ්ඩු වලට විකුණන්න තමන්ගේ වැඩ තිබුණා.

හැබැයි මේ කට්ටියට විකුණන්න තමන්ගේ ව්‍යාපෘති නැහැ. ඒ නිසා ඔවුන් අනුන්ගේ වැඩ වලටත් පැනලා ඒවා හොරකම් කරනවා.

ලංකාවට පේ පෑල් ගෙන ආවේ කොමර්ෂල් බැංකුව බව සමස්ථ ක්ෂේත්‍රයම දන්නවා. ආණ්ඩුව කරපු අලබෝලයක් නැහැ.
ආණ්ඩුව මොකක්ද කළේ ?

මේ ව්‍යාපෘතියට මැදින් පැන්නා. දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කළා.

එයට විශාල ප්‍රචාරණයක් දුන්නා.

දැන් ආණ්ඩුව මොකක්ද කරමින් ඉන්නේ ?

ලංකාවේ පේ පෑල් ඔපරේෂන්ස් ක්‍රියාත්මක වෙන්න යන්නේ බැංකු තුනකින්.

කොමර්ෂල් බැංකුව , සම්පත් බැංකුව සහ ලංකා බැංකුව.

කොමර්ෂල් බැංකුව දැනටමත් පේ පෑල් ගණුදෙනු වලට සුදානම්. සම්පත් බැංකුවත් සුදානම්.

නමුත් ලංකා බැංකුවේ පද්ධතිය තවමත් පේ පෑල් ගනුදෙනු වලට යාවත්කාලීන කරලා නැහැ.
ආණ්ඩුව ලංකා බැංකුවේ සිස්ටම් හදනකම් පේ පෑල් ඔපරේෂන්ස් ආරම්භ නොකිරීමට බල කරනවා.
ඒ ඇයි ?
ලංකා බැංකුවෙන් මේ ඔපරේෂන්ස් පටන් ගත්තම තමයි ආණ්ඩුවට මේක විකුණන්න පුලුවන් වෙන්නේ.

ජනප්‍රිය පුවත්  විදුලි බිල වැඩි වීමෙ බලපෑම ඒකක 180 කට පහළ අයට අදාළ නැද්ද…?මේ රටේ ඒකක 180 ට වැඩිය විදුලිය පරිභෝජනය කරන්නෙ 4% ක් පමණද…?

එතකොට තමයි ජනාධිපතිගේ ඉඳන් නියෝජ්‍ය ඇමතිලාගේ මූන දාලා පත්තරේ, ෆේස්බුක් එකේ, ටීවි එකේ ඇඩ් දාන්න සල්ලි පාස් වෙන්නේ.

එතකොට මේ වැඩේ තමන්ගේ වැඩක් විදියට ආණ්ඩුවට ලකුණු දාගන්න පුලුවන්.

ඒක තමයි ආණ්ඩුව කළේ.

පේ පෑල් ගෙනාපු එක නෙවෙයි.

කොමර්ෂල් බැංකුව ගෙනාපු පේ පෑල් හි වාණිජ මෙහෙයුම් දවසින් දවස පරක්කු කිරීම තමයි ආණ්ඩුව කරමින් ඉන්නේ.

  • සචින් රත්වත්තේ –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x