June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තුන්දෙනාගේ පුනරුද කැබිනට් එකත් රටට කෝටි 64ක් පාඩු කරලා ! ආනන්ද පාලිතගෙන් බරපතළ හෙළිදරව්වක් !

1 min read

වත්මන් රජය බලයට පත්වූ විගස සිදුකළ වැරදි තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වී, රටට රුපියල් කෝටි 64කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ආනන්ද පාලිත චෝදනා කරයි.

ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෑතකදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වත්මන් රජය යටතේ පත්කළ තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය ඉන්ධන මෙට්‍රික් ටොන් 22,655ක් බෙදා හැරීමට අපොහොසත් වූ බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා, එම ඉන්ධන තොගය මාස 16ක් පුරා ටැංකි තුනක ගබඩා කර තැබූ බව පවසයි.

“මාස 16ක් තිස්සේ මේවා ටැංකිවල තියාගත්තා. ඒ කාලය ඇතුළත ඉන්ධන මෙට්‍රික් ටොන් 655ක් වාෂ්ප වෙලා ගිහින්. එදා ඉන්ධන ලීටරයක මිල රුපියල් 311ක් වුණා. මම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළාට පස්සේ, මේවා රුපියල් 292 ගානේ විකුණලා දැම්මා. මේ වැරදි කළමනාකරණය නිසා විෂයභාර ඇමැතිවරයා, තෙල් සංස්ථාවේ සභාපති සහ නිලධාරීන් රටට රුපියල් කෝටි 64කට වඩා පාඩු කරලා තියෙනවා.”

ජනප්‍රිය පුවත්  මහින්දගේ නම කියවගත්තේ, තර්ජනය කරලා! ශ්‍රීලන්කන් හිටපු CEOගෙන් දිවුරුම් ප්‍රකාශයක්

එවක පැවති ඩොලර් 4.8ක ප්‍රිමියම් අගය ලබාදීමට නොහැකි බව පවසමින්, ඉරාන-ඇමරිකා යුද්ධය පෙන්වා රජය “ගසාකෑමේ සූත්‍රයකට” අවතීර්ණ වූ බව ද ඒ මහතා චෝදනා කළේය.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතිද්දී රජය හිතාමතාම මිල ඉහළ දැමූ බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“දින 27කට ඩීසල්, දින 30කට පෙට්‍රල් සහ දින 44කට ප්‍රමාණවත් බොරතෙල් සංචිත රට සතුව තිබියදීයි මාර්තු 09 වැනිදා ඉන්ධන මිල වැඩි කළේ. ආයෙත් මාර්තු 21 මිල වැඩි කළා. මෙතන තියෙන්නේ පිරිසිදු වංචාවක්. ආණ්ඩුවට සත පහකින්වත් ඉන්ධන මිල වැඩි කරන්න අයිතියක් නැහැ.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x