නව බදු සංශෝධන යටතේ බදු වැරදිවලට සිර දඬුවම් සහ දඩ
1 min read
ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් පනතට යෝජිත නව සංශෝධන අනුව, බදු වාර්තා ගොනු නොකිරීම, TIN/VAT ලියාපදිංචි නොවීම හෝ බදු බලධාරීන් හමුවේ පෙනී නොසිටීම වැනි පරිපාලනමය වැරදි සඳහා දැඩි නීතිමය දඩුවම් හඳුන්වා දීමට රජය සැලසුම් කරයි. ඒ අනුව රු. 400,000ක් දක්වා දඩ මුදලක් හෝ මාස 6ක සිර දඩුවමක් හෝ දෙකම පැනවිය හැකිය. KPMG හි බදු විශේෂඥ Suresh Perera පෙන්වා දෙන්නේ, සාමාන්‍ය බදු අනුකූලතා කටයුතු පවා දැන් නීතිමය අවදානමකට ලක්විය හැකි බැවින් බදු ගෙවන්නන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
