June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කද වෙන් කර බෙල්ල අරන් යයි

1 min read

මාමඩල තෙවැදෑරුම් මිනීමැරුමේ ප්‍රධාන සැකකරුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර හිස කඳින් වෙන් කරයි….

අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී 8.30 ට පමණ නිවසකට කඩා වැදුණු පිරිසක් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන් කර මාමඩල මංසන්ධිය ආසන්නයේ දමා ගොස් තිබූ බව පොලිසිය පැවසු බවයි.

ප්‍රහාරය එල්ල කළ පිරිස නිවසේ සිටි මියගිය පුද්ගලයාගේ මාමණ්ඩියට ද වෙඩි තබා ඇති අතර, ඔහු බරපතළ තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙසේ ඝාතනය වී ඇත්තේ 2025 වසරේදී මාමඩල ප්‍රදේශයේ නිවසකට පැන පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

අදාළ මිනී මැරුම් චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු පසුගිය මාර්තු මස 31 වැනි දින ඇප මත මුදා හැර සිටි අයෙකු බව ද අනාවරණය වී ඇති බවයි.

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳව පොලිසියට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉන් එක් අයෙකු ඊයේ රාත්‍රියේම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනප්‍රිය පුවත්  මොහොමඩ් මුනීර් "ඉබ්‍රහිම්" කෙනෙක් !

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x