July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව අද කොළඹදී – ඉන්දියාවේ හිටපු අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන්..!

1 min read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව සහ බාර් කවුන්සිල් සාමාජිකයන් අතරින් විධායක සභාව සඳහා නීතිඥවරුන් තෝරා ගැනීමේ නිලවරණය අද දින “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා නිදහස් ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරුවරයා වූ භූෂාන් ගවායි ය.

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ද, අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය ද, සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න ද, නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය ද සෙසු ආරාධිතයන් අතර වෙති.

එම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයා විසිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x