විදුලිය ගාස්තු හෙට සිට ඉහළට !
1 min read
විදුලිය ගාස්තු හෙට (10) සිට ඉහළ දැමීමට නියමිතව තිබේ. විදුලිය බල මණ්ඩලය ප්‍රකාශකයකු පැවසුවේ, 18% කින් විදුලිය ගාස්තු ඉහල දැමීමට මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන බවයි.
මීට පෙර ඒකක 180 ට වඩා පාවිච්චිකරන විදුලිය පාරිභෝගිකයන් සඳහා 25% ක විදුලිය ගාස්තු වැඩි කිරීමක් සිදු කරන ලදී. නැවත එම ගාස්තු ඉහළ දැමීම මහජනතාවට දැරිය නොහැකි පීඩනයක් ගෙන එනු ඇති බව විදුලිය පාරිභෝගිකයෝ පවසති.
- නිර්මාණි කහඳව –
