නන්දලාල් අතුරුදහන් !
1 min read
ඔස්ට්‍රෙිලියාවේ වූ වැරදි ගිණුමකට වාර 10 කදී රජයේ මුදල් ඇ.ඩො. මිලියන 2.5 ක අති විශාල මුදලක් බැර කිරීම පිළිබඳ වංචාව අණාවරණය වීමත් සමඟ වහාම විදේශගත වූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි වාර්තා වේ. අදාළ හොරකම අණාවරණය වී දිනකට පසුව විදෙස්ගත වූ මහබැංකුවේ ප්‍රධානීන්ට පවසා ඇත්තේ ඩුබායි රටට යන බවය. එහෙත් මේ වන විට දැනගැනීමට ඇත්තේ, ඔහු තම පදිංචි නිවස පවතින ඔස්ට්‍රෙිලියාව බලා පිටත්ව ගොස් ඇති බවය.
ආන්දෝලනයට ලක්ව තිබෙන මෙකී වංචාවේ වැඩි වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට ය. ඒ, අදාළ මුදල වැරදි ගිණුමකට ගෙවීම අරඹා ඇත්තේ මහ බැංකුව යටතේ ණය කළමනාකරණය පවතින විටදී වන බැවින්ය. එමෙන්ම, වැරදි ගිණුමට මුදල් ගෙවා ඇති වාර 10 න් වාර 7 ක්ම මුදල් ගෙවා ඇත්තේ මහබැංකුව යටතේ මෙම වගකීම පවතින විටදීය.
එවකට සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ මුදල් ඇමැති අලි සබ්‍රිගේ වාචික එකඟත්වය පමණක් සහිතව ශ්‍රී ලංකාව ණය ගෙවා ගත නොහැකි රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළේද මේ නන්දලාල් වීරසිංහ ය. එය ඔහු සිදු කළේ කැබිනට් මණ්ඩල අනුමැතියක් හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් හෝ නැතිවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ විශ්වාසය දිනාගෙන සිටින නන්දලාල් වීරසිංහ, ඉහත හොරකම අණාවරණය වීමත් සමග විදෙස්ගතවීම බොහෝ දෙනාගේ සැකයට භාජනය වී තිබේ. මෙම හොරකම පිළිබඳව පරීක්ෂණ සිදුකරන රහස් පොලිස් නිලධාරීන්ටද නන්දලාල්ගෙන් ගැනීමට ඇති ප්‍රකාශ ගත නොහැකි තත්වයක් ඒ අනුව උදා වී ඇත.
මෙහිලා ආණ්ඩුවේ පාර්ශවයෙන් මෙම මුදල් යවනු ලැබ ඇති ගිණුමේ විස්තර ප්‍රසිද්ධියට පත් කර නැත. ගිණුම්හිමියාගේ ණම, ගිණුම් අංකය අණාවරණය කිරීමෙන් වැළකී සිටින්නේ මෙය සැලසුම්සහගතව සිදු කර තිබෙන හොරකමක් නිසා බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.
මෙම චෝදනාවට ලක්ව දැනටම මුදල් අමාත්‍යංශයේ සහාය අධ්‍යක්ෂකවරයෙකු මරා දමා තිබේ. මහබැංකුවේ ආරංචි මාර්ග පවසන්නේ අධිපති නන්දලාල් පැමිණෙන දිනයක් දන්වා නොමැති බවයි.
- දීපිකා සමරතුංග –
