වටයා වැටිලා
1 min read
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල දේශපාලනමය වශයෙන් බලවත් කලකිරීමට ලක්ව සිටිනැයි ඔහුගේ සමීප ආරංචි මාර්ග පවසයි.
පසුගිය 5 වැනිදා රාත්‍රියේ දී ඔහු සිය සමීපතම ව්‍යාපාරික මිතුරකු හා පවසා ඇත්තේ මේ සියල්ල අතහැර විදේශගත වීමට තරම් තමාට සිතී ඇති බවයි. මෙම කලකිරීමට බල පා ඇති හේතු කිහිපයක් ඔහු විසින් පෙන්වා දී තිබේ.
ඉන් පළමුවැන්නනම් පක්‍ෂයේ ඉහළ නායකත්වයෙන් තමන්ට එල්ලවන චෝදනාවන්ය. තමන් කන-බොන අඳින-පළඳින හැමදේම ගැන විවේචනය කරන එම නායකයින් කාටත් හොරා ඊට වඩා දේවල් කරන බව වටගල එහිදී පවසා තිබේ.
මෑතක දී පක්ෂයේ විනය බාර කළවැල්ගල චන්දානන්ද හමුවට තමන් හා තම බිරිඳව කැඳවන ලද බවත්, ලාල් කාන්තලා ට හෝ වෙනත් කවරකුටවත් කිසිදු විනය ප්‍රශ්න මතු කර නැති බවත් ඔහු පෙන්වා දී තිබේ.
දෙවනුව, තමන්ට බල පා ඇති කරුණ ලෙස ඔහු පවසා ඇත්තේ, නියෝජ්‍ය ඇමති ලෙස තමන්ට පොලීසියේ කටයුතු සම්බන්ධයෙන් කිසිවක් කරකියාගත නොහැකි බවයි. අමාත්‍ය විජේපාල ජ.වි.පෙ. වාටියෙවත් සිටිය නැතැයි පවසා ඇති ඔහු ජනාධිපතිවරයා සහ ඔහු අතර වන ගුප්ත මිත්‍රත්වය, පක්ෂය තුළ වන කැපකිරීමට වඩා තණතුරු බෙදීමේදී බල පා තිබීමත් ඔහුගේ කලකිරීමට හේතු වී තිබේ. “යහලුවන් එක් වී E – පාස්පෝට් ටෙන්ඩරයෙනුත් හම්බ කරන්නනෙ හදන්නෙ… ඒවා කරගන්න පක්ෂයේ අයට වඩා උවමනා වෙන්නේ යාලුවොනෙ” යනුවෙන් ද ඔහු මෙහි දී ප්‍රකාශ කර ඇත. නියෝජ්‍ය ඇමති වටගලට අනුව කුමාර ජයකොඩි වගේම අනුර කරුණාතිලකත් ජනාධිපතිවරයාගේ කැළණි මිතුරන්ය. “අනුර කරුණාතිලකට බිමල්ගෙන් ගලවල වරාය හා ගුවන් තොටුපළ විෂය බාර දුන්නට පස්සෙ තමයි ඔය දැන් කරුණු හෙළි වෙලා තියෙන එයා බස් ඩීල් එකක් අවසන් කලේ. බිමල් ඔය මගඩියට එකඟ වුණේ නෑ. යාලුවො දාන්නෙම විශාල හොරකම් කරන්න බලාපොරොත්තු වන තැන්වලට” යනුවෙන්ද මෙහිදී නි. අමාත්‍යවරයා පවසා තිබේ. ඔවුන් එසේ සිදු කරන අතර තුර තමන්ට පීඩනය එල්ල කිරීම අසාධාරණ බව ද ඔහු හැඬු කඳුලින් පවසා ඇත.
“ඒ අස්සේ පුතා හරි මුරන්ඩුයි. වනාතමුල්ල පැත්තෙ කෙල්ලෙක්ව බැඳගන්න යනවා. ඒක නවත්තන්න කිව්වත් අහන්නෙ නෑ. මම කිව්වා වනාතෙන් කෙල්ලෙක් බැන්දම අඩු ගනේ ජනාධිපතිතුමාවවත් මඟුල් උත්සවයට ගෙන්නන්නෙ කොහොම ද කියලා. ඌ කියනවා අනේ උඹලගේ ජනාධිපතිගේ ගෑනිව පෙන්නන්නැත්තෙ ඇයි කියලා. කරන්නම දෙයක් නැති පාර රට යැවුවා” යැයි ද ඔහු මෙහිදී පවසා තිබේ.
නීතිඥ කපිල ගමගේ සහ හිටපු පොලිස් නිලධාරියකු වූ රංජිත් විල්ලෝර්ආර්ච්චි යන දෙදෙනා තම ප්‍රාණ මිතුරන් සේ සිටීම හිතට කිසියම් සහනයක් වී ඇතැයි ද ඔහු කියා තිබේ. තම බිරිඳ ද මේ තත්වය පිළිබඳ දන්නා බවත් ඇය ද සිටින්නේ පක්ෂය ගැන ඉමහත් කලකිරීමෙන් බවත් ඔහු සඳහන් කර ඇත.
වටගලගෙ හිත සනසා ඇති ව්‍යාපාරක මිතුරා මොන ප්‍රශ්න මැද වුවත් නියෝජ්‍ය ඇමැතිකමේ සිටිමින් ක්‍රියා කිරීමේ වටිනාකම පෙන්වා දී තිබේ. මෙම දුක බෙදා ගැනීම සිදුව ඇති කොළඹ තරු පංතියේ හෝටලයක එදින රාත්‍රී 12 ත් ඉක්මයන තෙක්ය.
- සුමන කාරියනරවන –

idandalas188 tiene una interfaz moderna y limpia. Los juegos cargan rápido y la experiencia en general es muy agradable. ¡Sigan así! idandalas188