August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකාවේ රැකියාවන්හි නියුතු විදේශිකයන් ගෙදර යවන නීතියක්?

1 min read

‘H1B’ කාණ්ඩය යටතේ රැකියාවල නිරත ඇතැම් විදේශීය සේවකයන්ගේ රැකියා අහිමි වූ විට, නව රැකියාවක් සොයාගැනීම සඳහා දැනට හිමිව තිබෙන දින 60ක සහන කාලය අහෝසි කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

මෙම යෝජනාව මේ වනවිට ධවල මන්දිර කලමනාකරණ සහ අයවැය කාර්යාලයේ (OMB) සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, යෝජිත වෙනස්කම් පිළිබඳ අවසන් තොරතුරු මෙතෙක් නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත.

මෙම නව යෝජනාව නීතියක් බවට පත්වුවහොත්, රැකියාව අහිමි වන විදේශීය සේවකයන්ට සහ ඔවුන් මත යැපෙන්නන්ට අමෙරිකාව තුළ සිට වෙනත් සේවා යෝජකයෙකු වෙත මාරුවීමට හෝ වීසා කාණ්ඩය වෙනස් කිරීමට අවස්ථාව අහිමි වන අතර, ඔවුන්ට වහාම අමෙරිකාවෙන් පිටවීමට සිදුවනු ඇත.

එමෙන්ම මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එයින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු ජාතිකයන්ටය.

අමෙරිකානු පුරවැසිභාවය සහ ආගමන සේවා ආයතනයේ (USCIS) දත්තවලට අනුව 2024 වසරේදී අනුමත වූ සමස්ත H-1B වීසා අයදුම්පත්වලින් 71%ක්ම ඉන්දියානු ජාතිකයන් වේ.

එමෙන්ම අමෙරිකානු සංගණන දත්තවලට අනුව මේ වන විට ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින් මිලියන 5.2කට වැඩි පිරිසක් අමෙරිකාවේ ජීවත් වෙති.

ජනප්‍රිය පුවත්  රට පුරා අටපිරිකර වටලයි

උසස් කුසලතා සහිත විදේශීය සේවකයන් ඉලක්ක කර මෙම දින 60 සහන කාලය හඳුන්වා දෙන ලද්දේ 2017 වසරේදීය.

එම නීතිය යටතේ රැකියාව අහිමි වන සේවකයින්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට දින 60ක කාලයක් හෝ වීසා කාලය අවසන් වන තෙක් අමෙරිකාව තුළ රැඳී සිටිමින් වෙනත් සේවා යෝජකයෙකු සෙවීමට, නව වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට හෝ නීත්‍යානුකූලව රැඳී සිටීමට වෙනත් විකල්ප සලකා බැලීමට අවස්ථාව හිමිව තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x