August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපේ ආණ්ඩුව නිසා එළුවෝ ඌරෝ බැටළුවොත් සතුටින්… ඒ සත්තු බොහෝ විට මාධ්‍ය හමු තියන එකක් නෑ…! – මාලිමා මන්ත්‍රී

1 min read

අවුරුදු 68කට පසු එළුවන් ඌරන් සහ බැටළුවන් සත්ත්ව පාලන පනත යටතට ගෙන ඒමට සිය ආණ්ඩුවට හැකි වූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්.එම්. අබේවික්‍රම පවසයි.

මෙතෙක් කල් එළ ගවයන් සහ මී හරක් ප්‍රවාහනයේදී තිබූ අයිතිවාසිකම් එළුවන් ඌරන් සහ බැටළුවන්ට නොතිබූ බවත් අද වැඩියෙන්ම සතුටු වන්නේ එම සතුන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සතුන්ට කතා කළ නොහැකි බවත් සිය නම සත්ත්ව පාලන පනතට එකතු වන තුරු එළුවන් බොහෝ කාලයක් බලා සිටින්නට ඇති බවත් මෙය ඡන්දය බලාපොරොත්තුවෙන් නොව රටේ ප්‍රෝටීන නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ගත් පියවරක් බවත් එල්.එම්. අබේවික්‍රම පෙන්වා දෙයි.

රටේ වෘත්තිකයන් සිය අයිතිවාසිකම් දිනා ගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවද එළුවන් ඌරන් බැටළුවන් බොහෝ දුරට මාධ්‍ය සාකච්ඡා නොපවත්වනු ඇති බවටද මන්ත්‍රීවරයා අනාවැකි පළ කරයි.

එල්.එම්. අබේවික්‍රම මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x