September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

1 min read

පාසල් දරුවන්ගේ පළමු කඩඉම් විභාගය ලෙස සැලකෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (9) පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.

විභාග කටයුතු අද පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතය.

එහිදී දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැයයි මිනිත්තු 15 ක කාලයක් පැවැත්වෙන අතර, ඉන්පසු පෙරවරු 10.45 සිට 11.15 දක්වා විනාඩි 30 ක කෙටි විවේකයක් ලබාදෙනු ඇත. අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට පස්වරු 12.15 දක්වා පැයක කාලයක් පැවැත්වේ.

මෙවර විභාගය සඳහා මධ්‍යස්ථාන 2,723 කදී අයදුම්කරුවෝ 294,089 දෙනෙක් පෙනී සිටිති. මීට සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 ක් ඇතුළත් වේ.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු අතර, කිසිදු දෙමාපියෙකුට විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුළු වීමට අවසර නොලැබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x