September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට

1 min read

මුලතිව් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොක්කිලායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් – සෙම්මමාලෙයි මාර්ගයේදී කොක්කිලායි පොලිසිය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 16 වනදාය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තමන්ගේ පරිභෝජනය සඳහා රැගෙන ආ බවයි.

කෙසේ වෙතත්, පොලිසියට ලැබී ඇති බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින පිරිසක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කොක්කිලායි පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x