22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
1 min read
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.
යූටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පක්ෂ සහ විපක්ෂ තර්ක මෙන්ම ඒ හා බැඳුණු නෛතික හා දේශපාලනික තත්ත්වයන් පිළිබඳවද දීර්ඝ ලෙස අවධානය යොමු කළ යුතු බවයි.
මේ වන විට මෙම සංශෝධනයට එරෙහිව සහ පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගණනාවක් ඉදිරිපත්ව ඇති පසුබිමක, ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන දේශපාලන බලවේග ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.
