September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය රු. ට්‍රිලියන 32 ඉක්මවයි

1 min read

මෙරට සමස්ත රාජ්‍ය ණය පසුගිය ජූනි 30 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් බවට මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පසුගිය අගෝස්තු 28 වැනිදා නිකුත් කළ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය ජූනි 30 වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණක් රුපියල් ට්‍රිලියන 31.999ක් හෙවත් අමෙරිකානු ඩොලර් බිලියන 95.047ක් වන බවය.

මීට අමතරව පළාත් සභා සහ පළාත් ආයතනවල ණය ඩොලර් මිලියන 20ක් ලෙසත් රජයේ ඇප සහිත රාජ්‍ය ව්‍යවසාය ණය ඩොලර් බිලියන 2.885ක් ලෙසත් එහි සටහන්ව ඇත.

දේශීය ණය ඩොලර් බිලියන 57ක්
අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ පසුගිය ජූනි අවසාන වන විට මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.039ක් හෙවත් රුපියල් ට්‍රිලියන 19.203ක් ලෙස වාර්තා වී ඇති බවය.

එයින් නොගෙවූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 47.732ක් හෙවත් රුපියල් බිලියන 16,069ක් වන අතර නොගෙවූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් බිලියන 7.045ක් හෙවත් රුපියල් බිලියන 2,372ක් ලෙසත් සටහන් වී තිබේ.

විදෙස් ණය ඩොලර් බිලියන 38 ඉක්මවයි
පසුගිය ජූනි අවසානය වන විට මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 38.008ක් ලෙසටද සටහන් වී තිබේ.

ජනප්‍රිය පුවත්  10-11 දින දෙකේ ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ 2026 පළමු කාර්තුව අවසානයේ ඩොලර් බිලියන 37.468ක් වූ රජයේ විදේශ ණය දෙවන කාර්තුව අවසානයේ ඩොලර් බිලියන 38.008ක් දක්වා ඩොලර් බිලියන 540කින් ඉහළ ගොස් ඇති බවය.

එම විදේශ ණය අතරට බහුපාර්ශ්වික ණය ලෙස ඩොලර් බිලියන 14.802ක්, වාණිජ ණය ඩොලර් බිලියන 12.409ක් සහ ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.797ක් ලෙසට සටහන් වී තිබේ.

ද්විපාර්ශ්වික ණය අතර චීනය ඉදිරියෙන්
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිකුත් කළ අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනුයේ ද්විපාර්ශ්වික ණය රටවල් අනුව සලකා බැලීමේදී චීනයට අදාළ නොගෙවූ ණය ලෙස ඩොලර් බිලියන 5.0067ක් පවතින බවය.

මීට අමතරව ජපානයට ඩොලර් බිලියන 2.2727ක් සහ ඉන්දියාවට ඩොලර් මිලියන 853.9ක් ලෙස ණය පවතින බවත් එම වාර්තාව මගින් දක්වා ඇත.

බහුපාර්ශ්වික ණය
බහුපාර්ශ්වික ණය අතර ආසියානු සංවර්ධන බැංකුව වෙත නොගෙවූ ණය ඩොලර් බිලියන 6.8851ක්, ලෝක බැංකුව වෙත ඩොලර් බිලියන 4.6662ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඩොලර් බිලියන 2.6152ක් ලෙස සටහන්ව ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ඩොලර් බිලියන 10ක්
මෙරට බාහිර වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.4091ක් ලෙස අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර එයින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ඩොලර් බිලියන 10.0071ක් පවතින බවත් සඳහන් වේ.

ජනප්‍රිය පුවත්  පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට CIDයෙන් චෝදනා නෑ…කොටින්ට විරුද්ධව සටන් කළායි චෝදනා…!

චීන ආසියානු සංවර්ධන බැංකු කාලීන ණය පහසුකම් යටතේ තවත් ඩොලර් බිලියන 2.402ක් වාණිජ ණය යටතේ පවතින අතර පසුගිය 2024 වසරේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු නිකුත් කළ නව ස්වෛරී බැඳුම්කර අතර කල්පිරීමේ දිනයන් 2028 සිට 2038 දක්වා කාල පරාසයක පවතින බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

දෙවන කාර්තුවේ ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 2,698.6ක්
අදාළ වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ දෙවන කාර්තුව වන විට රජයේ මුළු ණය සේවා ගෙවීම් ප්‍රමාණය රුපියල් රුපියල් බිලියන 2,698.6ක් වන බවය.

එයින් දේශීය ණය සඳහා පොලී ඇතුළුව ගෙවීම් ඇතුළුව රුපියල් බිලියන 2,441.6ක් සහ විදේශ ණය සඳහා රුපියල් බිලියන 257.0ක් ගෙවා තිබේ.

විදේශ ණය ගෙවීම් අමෙරිකානු ඩොලර් අගයෙන් සලකා බැලීමේදී ප්‍රධාන ගෙවීම් ඩොලර් මිලියන 573.9ක් සහ පොලී ගෙවීම් ඩොලර් මිලියන 230.4ක් ලෙස මුළු බාහිර ණය සේවා ගෙවීම් ඩොලර් මිලියන 804.3ක් සටහන් වී ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවමත් සම්පූර්ණ නැහැ
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මගින් නිකුත් කළ මෙම වාර්තාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධවද වැදගත් කරුණු රැසක් අනාවරණය කර තිබේ.

ජනප්‍රිය පුවත්  ඉරානයෙන් තාර නැතුව පාර හදන වැඩ කොටඋඩ

ඒ අනුව Official Creditor Committee, චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් පියවර රැසක් අවසන් කර ඇති බව සඳහන් වේ.

තවද ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරුව 2024 දෙසැම්බර් මාසයේදී ආසන්න වශයෙන් 98%ක් සහභාගීත්ව අනුපාතය සමග අවසන් කර ඇති බවත් එහි සඳහන්ව ඇත.

මීට අමතරව ජපානය, ඉන්දියාව, ප්‍රංශය, හන්ගේරියාව, සෞදි අරමුදල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ජර්මනිය ඇතුළු රටවල් සමගද ද්විපාර්ශ්වික ප්‍රතිව්‍යුහගත කිරීමේ විධිවිධාන සම්බන්ධව පියවර ගෙන ඇති අතර ගිවිසුම් මත අදාළ ණයහිමි හවුල්කරුවන් වෙත සාමාන්‍ය ණය සේවාකරණය නැවත ආරම්භ කර ඇතැයිද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් රටවල් 13කට අදාළ ණය සේවාකරණය සම්බන්ධව ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සිදුවෙමින් පවතින බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x