September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශිරාන් බාෂික් හරහා හිරු දඩයමට මෙහෙයුමක් !

1 min read

පසුගිය 14 දින ඩුබායි රජය විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ශිරාන් බාෂික් සතුව වූ දුරකථන, ලැප්ටොප් ඇතුළු උපකරණ සියල්ලම ඩුබායි රජය බාරයේ තිබෙන බැවින්, ඔහුගේ සම්බන්ධතා ජාලය හඳුනාගැනීමට පොලීසියට බලවත් ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

මොහොමඩ් ශිරාන් බාෂික් හෙවත් ශිරාන් බාෂික්ව මේ වන විට පැය 72 ක රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කරමින් ඇතත්, තමන් සතුව ශ්‍රී ලංකාව තුළ පවත්නා දේපළ පිළිබඳව පමණක් ඔහු කරුණු ඉදිරිපත් කර තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශයට ඉහලින් උපදෙස් ලැබී ඇත්තේ “හිරු” මාධ්‍ය ජාලයේ හිමිකරු රේනෝ ද සිල්වා සහ ශිරාන් බාෂික් අතර ගනුදෙනු පැවැතියේදැයි සොයා බලන මෙන්ය. එහෙත්, විමර්ශකයන්ගේ මතය වී ඇත්තේ ආණ්ඩුවේ බලධාරින්ට වුවමනා කෙනෙකු දඩයම් කිරීම සඳහා ශිරාන් බාෂික් යොදාගැනීමට ගියහොත් ඔහුගේ ඇත්ත ජාවාරම් අණාවරණය කරගැනීමට අසීරු වනු ඇති බවයි.

හෙරොයින් තොගයක් සමග මීට පෙර අත්අඩංගුවට පත් වී ඇති ශිරාන් බාෂික් ඒ පිළිබඳ කොළඹ මහාධිකරණයේ නඩු විභාගයක් ද පවත්වා තිබේ. එහෙත්, 2024 දී එම චෝදනාවන්ට ඔහු වැරදිකරු නොවන බව පවසමින් අධිකරණය විසින් ඔහුව නිදහස් කර තිබේ. එතෙක්, ජාත්‍යන්තර පොලීසිය ශිරාන් බාෂික්ට එරෙහිව නිකුත් කර තිබූ “රතු නිවේදනය” ඉහත නඩුවෙන් නිදහස් කිරීමත් සමගම අවලංගු කර ඇත.

ජනප්‍රිය පුවත්  ICC ය රහසිගතව ෂම්මි ව මුණ ගැසේ !

ඩුබායි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉරාන – ඇමරිකා ගැටුම පැවැති කාලය තුළ ඉරානය විසින් ඩුබායි වෙත එල්ල කළ ප්‍රහාර සහ ඒ සඳහා භාවිතා කළ ඩ්‍රෝන හා මිසයිල වල දර්ශන /ඡායාරූප ඔහුගේ ජංගම දුරකථනයේ තිබීම හේතුවෙනි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, නීති විරෝධී ගිනි අවි සහ තියුණු ආයුධ සන්තකයේ තබාගැනීම, නීති විරෝධී රැස්වීම් සහ බන්ධනාගාර ආශ්‍රිතව සිදු වූ ගැටුම්වලට සම්බන්ධවීම ඔහු සම්බන්ධයෙන් මෙරට තුළ වන චෝදනාය.

මීට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් ශිරාන් බාෂික් සහ, වර්තමාන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අතර පවතින සමීප සබඳතාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබේ. විමර්ශකයන් ඒ පිළිබඳව ද ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.

  • ජයන්ත සිරිමෙවන්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x