ආවාස ගෙයකට පස් කන්දක් කඩා වැටෙයි
1 min read
මධ්‍යම කඳුකරයට මෙම දිනවල ඇඳහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට අද (03) අලුයම 2.30ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් හදිසි අනතුරක් සිදුවී තිබේ.
අනතුර හේතුවෙන් ආවාස ගෙයි වැඩ සිටි හිමිනමකට තුවාල සිදුවී ඇති අතර, ගොඩනැගිල්ලට ද දැඩි අලාභ හානි සිදුවී ඇත.
එම විහාරස්ථානයේ නායක හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද (03) දිනට යෙදී තිබියදී මෙලෙස අනතුර සිදුව තිබේ.
