September 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

1 min read

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ “විශාල මට්ටමේ” ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, දෙරට අතර නව සාකච්ඡා අද (03) ආරම්භ වන බවයි ඔහු එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.

“අපි ඔවුන් සමඟ සාකච්ඡාමය මට්ටමින් කතාබහ කරමින් සිටිනවා. එය අද පස්වරුවේ ආරම්භ වෙනවා,” යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ඉරානය වෙත එල්ල කිරීමට නියමිතව තිබූ දැවැන්ත ප්‍රහාර මාලාවක් අත්හිටුවීමෙන් අනතුරුව මෙම සාකච්ඡා වටය ආරම්භ කිරීමට දෙපාර්ශ්වය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x