ඇමරිකාව ජනාධිපති ලේකම්ව ‘එපා’ කියයි !
1 min read
මහින්ද සමරසිංහ තම ධූර කාලය නිමාවීමෙන් පසුව, ශ්‍රී ලංකාවට පැමිණීම විසින් හිස් වූ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය තවදුරටත් හිස්ව පවතින තත්ත්වයක් මේ වන විට උද්ගත වී තිබේ.
ජනාධිපතිවරයාගේ උවමනාව වී තිබුණේ, දැනට ජනාධිපති ලේකම් ලෙස ක්‍රියා කරන නන්දික කුමානායක ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර. මේ වන විට ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සිටින ප්‍රභාත් චන්ද්‍රකීර්තිව එම ධුරයට පත් කර ගැනීමය. නන්දික කුමනායක තම සමීප විශ්වවිද්‍යාල මිතුරකු නමුත්, පරිපාන සේවයේ අත්දැකීම් රහිත වීම ආදී හේතු මත ඔහු ජනාධිපති ලේකම් ලෙස ක්‍රියා කිරීමේ දී අසාර්ථක බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.
දිගු කලක්, හිටපු අමාත්‍යවරයකු හා සභානායකවරයකු ලෙස කටයුතු කළ නිමල් සිරිපාද ද සිල්වා ගේ සමීප නිලධාරි කවයේ විසූ ප්‍රභාත් චන්ද්‍රකීර්ති වසර 26 කට වැඩි කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කළ අයෙකි. විශ්වවිද්‍යාල සමයේ ජ.වි.පෙ. ට ලැදිව ක්‍රියා කළ බැවින්, ජනාධිපති ලේකම් බවට පත්වීමේ අවස්ථාව ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෙත හිමිව තිබේ.
එහෙත් ඇමරිකාවේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස නන්දික කුමානායකගේ නම, විදේශ අමාත්‍යාංශය විසින් එරටට යවා තිබෙන අතර, අපගේ ආරංචිමාර්ග පවසන්නේ, ඇමරිකානු බලධාරින් විසින් කුමානායකගේ නම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි. ඒ අනුව, නන්දික කුමානායක ඇමරිකාවට පටවා ප්‍රභාත් චන්ද්‍රකීර්ති ජනාධිපති ලේකම් බවට පත්කර ගැනීමේ ජනාධිපතිවරයාගේ සැලැස්ම අර්බුදයට ලක්ව තිබෙන බව පැවසේ.
- තාරක බස්නායක
