September 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුර-නැගෙනහිර ඒකාබද්ධ කර සංවර්ධන වැඩසටහනක්..

1 min read

ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන 2026 – 2031 කාලසීමාව තුළ මේ රටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇත.

2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ණය පහසුකම ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමුහය අතර පැවති ණය සම්මුති සාකච්ඡා අවසන් කර තිබේ.

එම ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන මඟින් ආර්ථික විභවයන් සහිත කාණ්ඩ ශක්තිමත් කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම, ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීම හා සම්බන්ධතා පුළුල් කිරීම මඟින් ජනතාවගේ ජීවනෝපායන් ඉහළ නැංවීම, තිරසර ප්‍රාදේශීය සංවර්ධනය හරහා උතුරු හා නැගෙනහිර පළාත් වල ප්‍රාදේශීය ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ තරගකාරිත්වය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x