ජනාධිපති අනුරගේ විවාහ සහතිකය කූඨ ලේඛනයක් !
1 min read
ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ පියාගේ බාල සහෝදරයාගේ බිරිඳව සිටි, පසුව වැන්දඹු කාන්තාවක වූ මල්ලිකා රත්නායක විවාහය ලියාපදිංචි කර ඇත්තේ අසත්ය දත්ත රැසක් ඇතුළත් කරමින් බව අණාවරණය වී තිබේ.
මෙම විවාහය ලියාපදිංචිකිරීම සිදුව ඇත්තේ 2015 අප්රේල් 30 වැනිදා ය. ඒ වන විට රට පාලනය කළේ ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ දින සියයේ (100) වැඩසටහන පැවති සමයේ දී ය. එම විවාහ සහතිකයට ලබා දී තිබෙන දත්ත අනුව ජනාධිපති අනුර කුමාරගේ ඒ වන විට වයස අවුරුදු 46 කි. ඒ අනුව ඔහු ඉපදී ඇත්තේ 1969 දී ය. ඔහුගේ බිරිඳ වූ වනිගසේකර මල්ලිකා රත්නායකගේ ඒ වන විට වයස අවුරුදු 47 කි.
CR 95 දරණ අංක සහිත විවාහ ලේකම් පොතේ දැක්වෙන අන්දමට විවාහ වන විට දෙදෙනාම අවිවාහක ලෙස සටහන් තබා තිබේ. අනුර කුමාර දිසානායකම ප්රසිද්ධියේ පිළිගෙන ඇත්තේ ඔහු පෙර විවාහයක සිටි කාන්තාවක් විවාහ කරගත් බවය.
වනිගසේකරගේ මල්ලිකා රත්නායක යනු, අනුර කුමාරගේ පියා වූ රන්බණ්ඩාර දිසානායකගේ සහෝදරයාගේ බිරිඳ ය. රන්බණ්ඩාර දිසානායකගේ සහෝදරයා මියයන්නේ LTTE සංවිධානයේ ප්රහාරයට ලක්වයැයි විශ්වාස කෙරේ. ඒ හේතුව මත වැන්දඹුව සිටි මල්ලිකා ඉන් පසු විවාහ ගිවසගත්තේ අනුර කුමාර සමඟ ය. ඒ අනුව විවාහ සහතිකයේ ඇය අවිවාහක ලෙස දැක්වීම ව්යාජයක් වේ.
කොළඹ දිස්ත්රික්කයේ සල්පිටිකෝරළය බාර විවාහය රෙජිස්ටාර්ව සිටි ඩබ්ලිව්.කේ. රූපිකා ප්රනාන්දු විසින් මෙම විවාහ සහතිකය පිළියෙල කර තිබේ. විවාහය සිදුකළ ස්ථානය ලෙස දක්වා ඇත්තේ, විවාහ රෙජිස්ටාර් කාර්යාලය, අඟුලාන, මොරටුව ය.
දෙදෙනාගේ විවාහයට සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබා ඇත්තේ 54 A, කොළඹ පාර, ජාලියගොඩ පදිංචිව සිටි පළාත් සභා මන්ත්රී ලක්ෂ්මන් නිපුණආරච්චි ය. අනෙක් සාක්ෂිකරුවා ලෙස දක්වා ඇත්තේ පෙරමුනගමඇත්තිගේ ප්රේමතිලක නැමැති ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ ලිපිනය ලෙස දක්වා ඇත්තේ 66/2H, පාසල් මාවත, සිද්ධමුල්ල, පිළියන්දල ය.
මෙහි මල්ලිකා රත්නායකගේ ඒ වන විට වයස අවුරුදු 47 ක් ලෙස දක්වා තිබීම ද නිවැරදි නොවේ. මෙම දත්ත අනුව කසුන් දිසානායකයේ පියා අනුර දිසානායකම නොවිය හැකිය.
අප මෙම තොරතුරු අණාවරණය කරනුයේ, දැනටත් ජනාධිපතිවරයා තම බිරිඳව සඟවා තබාගෙන සිටින නිසාය. එමෙන්ම, පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන දත්ත අනුව, 2015 අගවන විටත් ඔහු අවිවාහක පුද්ගලයකු ලෙස පෙන්වා දී ඇති නිසාත් ය.
තම පෞද්ගලිකත්වය මෙලෙස වංචාසහගතව සඟවා තබා ගන්නකු අවංක සහ අදූෂිත දේශපාලනඥයකු ලෙස සැලකිය හැකිද යන පැණය ඒ අනුව දැන් මතු වී තිබේ.
- ජිනේන්ද්ර කළුපහන

