කොලොම්බියා භූමිකම්පාවෙන් සිදුවූ මරණ 250 ඉක්මවයි..
1 min read
කොලොම්බියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බව වාර්තා වේ.
රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව පෙරේදා අලුයම කොලොම්බියාවේ කෝපි වගා කරන ප්‍රදේශයක් ආශ්‍රිතව ඇති වූ අතර, එය මෙම සියවසේ එරටට බලපෑ දරුණුතම භූමිකම්පාව ලෙස සැලකෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
භූමිකම්පාව හේතුවෙන් මහල් නිවාස, නිවාස, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් දැඩි ලෙස හානි වී ඇති අතර, ඇතැම් ගොඩනැගිලි කඩා වැටී ඇති බව සඳහන්.
ඊයේ උදෑසන වන විට බලපෑමට ලක් වූ නගරවලින් ලැබුණු වාර්තා අනුව මරණ සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
එහිදී Pereira ප්‍රදේශයෙන් පුද්ගලයින් 101 දෙනෙකු සහ කොලොම්බියාවේ තෙවැනි විශාලතම නගරය වන Cali ප්‍රදේශයෙන් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
