September 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තේ අස්වැන්න 20%ක් දක්වා පහත වැටීමේ අවදානමක්..

1 min read

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය මෙම මාසය තුළ සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇතැයි හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ හැටන්, නුවරඑළිය, නාවලපිටිය සහ බදුල්ල යන ප්‍රධාන වතු ආශ්‍රිත ප්‍රදේශවලට මෙම කාලගුණික විපර්යාස දැඩි ලෙස බලපා ඇති බවයි.

අධික වර්ෂාව පැවති සමයේ වතු සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් තාවකාලිකව ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් අතර, මේ වන විට කාලගුණය යහපත් අතට හැරෙමින් පවතින බැවින් ඔවුන් යළි සිය නිවෙස් බලා ගොස් තිබේ.

කෙසේ වෙතත්, අධික වර්ෂාව නිසා තේ දලු හා පත්‍රවලට සෘජුවම හානි සිදුව ඇති අතර, වායුගෝලයේ පවතින ඉහළ ආර්ද්‍රතාවය හේතුවෙන් දිලීර රෝග පැතිරීමේ දැඩි අවදානමක් ද මතු වී ඇත.

මෙම තත්ත්වය හමුවේ වුවද විධිමත් පාංශු සංරක්ෂණය, ජලය අවශෝෂණය කර ගැනීම සහ පාංශු ඛාදනය වැළැක්වීම වැනි සම්මත කෘෂිකාර්මික ක්‍රමවේද අනුගමනය කරමින් බෝග හානිය අවම කර ගැනීමට වැවිලි අංශය මේ වන විටත් පියවර ගෙන තිබේ.

ජනප්‍රිය පුවත්  රුපියල සියයට 8 කින් අවප්‍රමාණය වෙයි

නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින මෙම බාධාවන්ට අමතරව, බටහිර ආසියානු කලාපයේ පවතින දේශපාලන නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙරට ප්‍රධාන තේ වෙළෙඳපොළවල් වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව ද ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කළ යුතු බව ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x