කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ.. – මාලිමා මන්ත්‍රී
1 min read
පසුගිය පාලනයන් තුළ සිදුවූ වැරදි, අඩුපාඩු සහ වංචා දූෂණ ගැන පමණක් සාකච්ඡා කරමින් වත්මන් මාලිමා රජයට ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, පෙර ආණ්ඩුවල පැවති අක්‍රමිකතා සහ දූෂිත ක්‍රියාවන් පිළිබඳව දිගින් දිගටම කරුණු දැක්වීමෙන් පමණක් රටේ අනාගතය ගොඩනැගිය නොහැකි බවයි.
ජනතාව වත්මන් රජයට අතිමහත් ජනවරමක් ලබා දුන්නේ පෙර පැවති එම දූෂිත සහ අකාර්යක්ෂම ක්‍රමවේදය එලෙසම පවත්වාගෙන යාමට නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනතාව අපේක්ෂා කරන සැබෑ වෙනස උදෙසා ප්‍රායෝගිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටි අතර, පැරණි වැරදි පෙන්වා දීමෙන් ඔබ්බට ගොස් රට නව මාවතකට යොමු කිරීම රජයේ වගකීම බවද සඳහන් කළේය.
