August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් සාකච්ඡා අවශ්‍යයි – කතෝලික රදගුරු සමුළුව ආණ්ඩුවට කියයි

1 min read

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙන්වාදෙයි.

පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි බව පවසමින් ආණ්ඩුව විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ තීරණය ගෙන ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අදාළ නිවේදනය මගින්, විනිසුරුවරුන්ගේ දැනට පවතින නීතිමය විශ්‍රාම ගැනීමේ වයස ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය (CBCSL) සිය කනස්සල්ල පළ කර ඇති අතර, අධිකරණ ස්වාධීනත්වය සහ බලතල බෙදීම සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x