September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

1 min read

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමව සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහාධිකරණය අද (24) නියෝග කළේය.

තමන්ට නියම වූ සිරදඬුවමට එරෙහිව සිය නීතිඥ මණ්ඩලය මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා කළ ඇප ඉල්ලීම දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

එමෙන්ම, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් මන්ත්‍රීවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x