සූරසේනගෙ නඩුව සූරසේනම අහයි ?
1 min read
අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති පෙත්සම් තමන් මූලික වූ හත්දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් මගින් විභාගයට ගැනීමට තීරණය කර තිබේ. “බෝන් අගේන්” දේවගැති සූරසේනගේ සමීප ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ, එම සත් පුද්ගල විනිසුරු මඩුල්ලෙන් සූරසේන ඇතුළු පස් දෙනෙකුම සිටින්නේ 22 වැනි සංශෝධනයට පක්ෂපාති ස්ථාවරයක බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳ පෙත්සම් පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බවයි. ඒ සඳහා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු ද පුරවාලිය යුතු බව එම ඇතැම් සංවිධාන විසින් පෙන්වා දී තිබේ.
නමුත් අපගේ ආරංචිමාර්ග පවසන්නේ, සූරසේන දේවගැතිවරයා සභාපති ලෙස කටයුතු කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට මේ වන විටත් ඔහු තීරණය කර අවසන් බවයි.
- කපිල පනාකඩුව
