September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එල් නිනෝ ‘කොරල්පර’ත් සුදුකරයි

1 min read

එල් නිනෝ තත්ත්වයත් සමග මුහුදු ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යෑමේ බලපෑමෙන් මඩකලපුව, කායන්කර්නි සමුද්‍ර අභය භූමි කලාපයේ කොරල් පද්ධතිය ක්‍රමයෙන් සුදු පැහැ ගැන්වීමක් නිරීක්ෂණය වන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එල් නිනෝ බලපෑම පදනම් කරගෙන සාගර රක්ෂිත ප්‍රදේශ අතරින් කායන්කර්නි හැර අනෙක් කිසිදු රක්ෂිත ප්‍රදේශයක කොරල් හෝ ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට හානියක් සිදුවී ඇති බව නිරීක්ෂණය නොවන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ වැඩිදුරටත් පැවැසීය.

කායන්කර්නි රක්ෂිතයේ මඳ වශයෙන් කොරල් සුදු පැහැ ගැන්වීමක් නිරීක්ෂණය වන බවට වාර්තාවී තිබෙන බවත්, මුහුදු ජලයේ උෂ්ණත්වය වෙනස්වීම නිසා මෙම තක්ත්වය සිදුවීමේ හැකියාව පවතින බවද ඔහු කියා සිටියේය.

මුහුදු ජලයේ උෂ්ණත්වය කෘත්‍රිම ක්‍රම මගින් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවත්, මොරටුව විශ්වවිද්‍යාලය සහ වෙනත් පර්‌යේෂකයන් සමග එකතුවී කොරල් නැවත වගා කිරීම සම්බන්ධ පර්‌යේෂණ ආරම්භ කර තිබෙන බවත්, එම පර්‌යේෂණ සාර්ථක තත්ත්වයක පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

කොරල් පරවලට යම්කිසි හානියක් සිදුවුවහොත් එම කොරල් පද්ධති නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බවද ඔහු වැඩි දුරටත් පැවැසුවේය.

ජනප්‍රිය පුවත්  මිල සූත්‍රය ප්‍රමාදයි කුලී රථ ගාස්තු ඉහළ යෑම නතර නොවේ

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x