22 වන සංශෝධනය පිටුපස දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබිය හැකියි.. – නීතිඥ ගාමිණී අල්විස්
1 min read
රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් මත සිදුවන්නක් විය හැකි බව නීතිඥ ගාමිණී අල්විස් මහතා පවසයි.
විද්‍යුත් හා වෘත්තීයවේදීන්ගේ සංගම් සම්මේලන ශාලාවේදී “අපේ පරමාධිපත්‍යය ආරක්ෂා කරමු” යන තේමාව යටතේ SOS සංවිධානය පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය.
යුද්ධය අවසන් වුවද ඩයස්පෝරාව වෙත පෙර පරිදිම අරමුදල් ලැබෙන බැවින්, එම මුදල් පවත්වාගෙන යාමට නම් ඔවුන් යම් ප්‍රතිඵල පෙන්විය යුතු බවත්, මෙම සංශෝධනය එහි ප්‍රතිඵලයක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන සියලුම ජනතාවට අයත් මානව ශිෂ්ටාචාරයේ උරුමයන් බව පෙන්වා දුන් ඒ මහතා, 22 වන සංශෝධනය හරහා එවැනි ජාතික උරුමයන්ට මෙන්ම ජනතා පරමාධිපත්‍යයටද දැඩි අනතුරක් සිදුවීමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.
එසේම අධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු හතර පිරවීම පමා කරන්නේද මෙම සංශෝධන කටයුතු අවසන් වන තෙක් බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
