“නඩු බලවන” සූරසේන නැතුව 22 නඩු අසනු ! – නීතිඥ සංගමය ඉල්ලයි
1 min read
නීතිඥ සංගමය විසින් ඊයේ තම මූලික පෙත්සමට මෝසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කර ඇත්තේ, 22 ව්‍යවස්ථා සංශෝධනය විභාග කරන විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුලත් නොවිය යුතු බවයි. සංගමය පෙන්වා දෙන්නේ, ජනමත විචාරණයකින් තොරව අදාළ සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා වන්නේ සූරසේන මහතා බවයි.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව තීරණය කළහොත්, එහි දී ජනමත විචාරණ ක්‍රියාවලිය අවසන් වීමට පෙර සූරසේන මහතාගේ ධුර කාලය අවසන් වන බවත් සංගමය පෙන්වා දී ඇත.
මේ සියලු කරුණු මත වත්මන් අගවිනිසුරුවරයා විනිසුරු මඩුල්ලේ සිටීම සුදුසු නොවන බවත්, ඔහු විසින් දැනට සේවයේ නියුතු සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු මෙම නඩුව ඇසීම සඳහා පත් කළ යුතු බවත් යෝජනා කර ඇත.
- තිළිණ තල්ගහදුව
