September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු පුරප්පාඩුු ගැන මම දන්නෑ – අධිකරණ ඇමති

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින සෙසු විනිසුරු පුරප්පාඩු හත සඳහා මෙතෙක් කිසිදු නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපති කාර්යාලය මගින් මෙහෙයවනු ලබන කටයුත්තක් බැවින් ඒ පිළිබඳව තොරතුරු එම කාර්යාලයෙන් විමසන ලෙසයි.

තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද සජීවනී දිල්කා ලක්මාලි කරුණානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගියදා හිමි විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇයව අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරනු ලැබීය.

අදාළ පුරප්පාඩුව සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණද, ඔහු විසින් නිර්දේශ කර තිබුණේ කරුණානායක මෙනවියගේ නම පමණක් බව වාර්තා වේ.

මෙම විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ පවතින පුරප්පාඩුවලින් සමහරක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ පිරවීමකින් තොරව පැවතීමයි.

ජනප්‍රිය පුවත්  ගල්ගමුවේ සිට මහින්ද බලන්න යතුරුපැදියෙන් ගිය පුද්ගලයාට අසාධාරණයක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x