රුපියලේ අගය ඉහළ යාම සීමා කරන්න මහ බැංකුව අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 579ක් මිලදී අරන් – Moneta Brief වෙබ් අඩවිය කියයි
1 min read
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අගෝස්තු මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 579ක මුදලක් මිලදී ගෙන ඇති අතර, රුපියලට හිතකර විදේශීය සහ දේශීය සාධක පැවතුණද රුපියලේ අගය ඉහළ යාමට ඉඩ දී ඇත්තේ ඉතා සීමිතව බව Moneta Brief පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.
අගෝස්තු මාසයේදී එක් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 336 සිට 328 දක්වා රුපියල් 8කින් පමණක් ඉහළ යාමට ඉඩ සලසා ඇති අතර, මෙය ආනයනකරුවන් සහ අපනයනකරුවන් අතර යම් විශ්වාසයක් ගොඩනැගීමට හේතු වූ බව ද එම වාර්තාවේ සඳහන්.
ජූලි මාසයේදී ද විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකා රූපියල් බැඳුම්කර වෙත යොමු වීම හමුවේ ඩොලරයේ අගය රුපියල් 336 මට්ටමේ පවත්වා ගනිමින් ඩොලර් මිලියන 348ක් මිලදී ගෙන ඇති අතර, මෙලෙස රුපියල ශක්තිමත් වීම පාලනය කිරීම මඟින් පද්ධතිය තුළ අතිරික්ත ද්‍රවශීලතාවක් නිර්මාණය වන බව ද විශ්ලේෂකයෝ පෙන්වා දී ඇති බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
