September 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහර – මීගමුව හිරගෙවල්වලට වුණු හානිය තාමත් ගණන් බලනවා.. – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

1 min read

මහර සහ මීගමුව බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි දේපළවලට සිදුකර ඇති හානිය තවමත් ගණනය කරමින් සිටින බව බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා ඊයේ (10 දා) පැවසීය.

බන්ධනාගාර දෙකේ දේපළවලට කර තිබෙන හානිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන බවත් බන්ධනාගාර දෙකෙන් මහර බන්ධනාගාරයට වැඩි හානියක් සිදුව ඇති බවට නිරීක්‍ෂණය වන බවත් ඒ මහතා කීය.

බන්ධනාගාරවල ආරක්‍ෂාව පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවල සහයෙන් දැඩි කර ඇති බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x