September 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොන්දේසි ඉටු කළොත් සතියක් තුළ හෝමූස් යළි විවෘත කරනවා.. – ඉරානය කියයි

1 min read

හෝමූස් සමුද්‍ර සන්ධිය දින හතක් ඇතුළත යළි විවෘත කිරීමට අමෙරිකාව සමග ගිවිසුමකට එළැඹීමට ඉරානය යෝජනා කර තිබේ.

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රකාශ කර ඇත්තේ, අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම් සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය නාවික ගමනාගමනය සඳහා සතියක් ඇතුළත විවෘත කළ හැකි බවයි.

ඒ සඳහා අවශ්‍ය කොන්දේසි ජුනි මාසයේදී අත්සන් කළ අවබෝධතා ගිවිසුමක සඳහන් කර ඇති බවද ඔහු පවසා තිබේ.

ඉරානයේ මෙම යෝජනාව කටාර් රාජ්‍යය හරහා අමෙරිකාව වෙත ලබා දී තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x