October 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෝ නොවන රෝග වෛද්‍ය සායන පාළුවට ගිහින් -විශේෂඥ වෛද්‍යවරු

1 min read

රෝග ලක්ෂණ නොමැති අයට කොලොස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදි රෝග සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ නොමිලේ කරගැනීම සඳහා මෙරට මූලික, දිසා, ශික්ෂණ සහ ජාතික රෝහල්වල බෝ නොවන රෝග සායන පවත්වාගෙන ගියත් කිසිවෙක් ඒවාට නොපැමිණෙන බව වෛද්‍යවරු පවසති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කෙරිණි.

මෙම මාධ්‍ය හමුවට එක් වූ කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න කියා සිටියේ නොමිලේ පවත්වන මෙම සායන පිළිබඳ ජනතාව නොදන්නා බවයි. ඒ ​හේතුව මත NCD (බෝ නොවන රෝග සායනය)වලට කිසිවෙක් නොපැමිණෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

වයස අවුරුදු 40-45 පමණ වූ විට රෝග නොමැති මුත් ඕනෑම අයකුට මෙම සායන පවත්වන දිනවලදී වෛද්‍ය නිර්දේශයක් නොමැතිව සහභාගි විය හැකි බවද ඇය කියයි.

මෙම සායනවලට එන යම් අයකුට බෝ නොවන රෝග ලක්ෂණ නොමැති මුත් ඊළඟ වසරේ දිනයක් ලබාදී රෝග තත්ත්වයන් පරික්ෂා කරගත හැකි බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

ජනප්‍රිය පුවත්  ඉන්ධන මිල ඉහළට

මෙවැනි සායනවලට පිරිස් යොමුවන්නේ නම් හෘද රෝග, ආඝාතය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට ගොදුරුවීමට පෙරාතුව එම රෝග මුලදීම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකි බවද ඇය පැවැසුවාය.

ලෝක ආඝාත දිනය ලබන මස 29 වැනිදාට යෙදී ඇති අතර ආඝාතයේ රෝග ලක්ෂණ කඩිනමින් හඳුනාගැනීමේ වැදගත්කමද එහිදී පෙන්වා දෙනු ලැබුවාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x