October 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ග්‍රීසියේ අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයි

1 min read

වයස අවුරුදු 15ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ග්‍රීසිය බලධාරීන් පියවර ගෙන තිබේ.

ළමුන්ගේ සෞඛ්‍යය සහ මාර්ගගත ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, ස්නැප්චැට් සහ ලින්ක්ඩ්ඉන් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා සඳහා මෙම තහනම බලපැවැත්වීමට නියමිතය.

මෙම තහනම ලබන වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ග්‍රීසියට අමතරව ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුළු තවත් රටවල් කිහිපයක් ද බාලවයස්කාර දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x