June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

6 පොතේ ගැටළුවට කැකිල්ලේ තීන්දුවක්! සෝදුපත බලන්නා දංගෙඩියට!

1 min read

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අදාළ සිදුවීමට පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා අවධාරණය කළේ දැනට විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල වුවද, නිසි විමර්ශනයක් මගින් කරුණු තහවුරු වන තෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

විශේෂයෙන්ම, මෙම මොඩියුලයේ සෝදුපත් බැලූ කණ්ඩායම ඇතුළු අදාළ අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය.

සංස්කාරක සටහන

සෝදුපත් බැලීම යනු නිවැරැදි බවට සහතික කරගෙන ඇති ලේඛනයෙන් (අත්පිටපතක් , පරිගණකයෙන් ටයිප් කළ ) ආශ්‍රයෙන් එපරිද්දෙන් ම සැකසූ දෙවන ලේඛනයේ අක්ෂර ඉළක්කම් රූප සටහන් වර්ණ ගැන්වීම් ඒ ආකාරයෙන්ම තිබේදැයි පරීක්ෂා කිරීමය. මුල් ලේඛනයේ සඳහන් කිසිවක් සෝදුපත බලන්නාට වෙනස් කළනොහැකිය.

ජනප්‍රිය පුවත්  කෙරවලපිටිය වසා දැමීම නිසා මහා පෝලිමක්!

වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට ඒ පිළිබඳ දැනුමක් නැත්ද…?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x