September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තලෙයිමන්නාරම වැලිපරයක අතරමංව සිට බේරාගත් සංඛ්‍යාව 11 දක්වා ඉහළට

1 min read

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටියදී නාවික හමුදාව විසින් මුදාගත් පිරිස 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද (05) පස්වරුවේ එහි සිටි තවත් තිදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟය.

එම පිරිස අතර පියෙකු සහ ඔහුගේ අවුරුදු 11ක් හා 13ක් වයස ඇති දරුවන් දෙදෙනා ද සිටින බව සඳහන්ය.

මොවුන් දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.

නාවික තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී මෙම පිරිස මුදාගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව ළමුන් පස් දෙනෙකු, කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් එකොළොස් දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

එම පුද්ගලයින් පිරිස ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x