September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වසර 11කට පසු පැසිෆික් සාගරයේ සුළි කුණාටු ත්‍රිත්වයක් එකවර සක්‍රීය වෙයි

1 min read

එල් නිනෝ සංසිද්ධිය ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල කර ඇති පසුබිමක එම සංසිද්ධිය ඇරඹි පැසිෆික් සාගරයේ මේ වනවිට එකවර සුළි කුණාටු තුනක් සක්‍රීයවී තිබේ.

ඒ, වසර 11කට පසුවය.

මෙම කුණාටු තත්වය හේතුවෙන් හටගත් අධික වර්ෂාව මෙන්ම මුහුද රළු වීම හේතුවෙන් හවායි දූපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එල් නිනෝ හමුවේ මේ වසර තුළ චීනයට බලපෑ 7 වැනි සුළි කුණාටුව ලෙසින් නම් කර ඇති සවුඩෙල් සුළි කුණාටුව එරටට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බව සඳහන්ය.

එල් නිනෝ හේතුවෙන් කොළොම්බියාවේ වැසි අඩුවී නියං තත්ත්වයක් හටගෙන ඇති අතර එරට නිවෙස් වෙත බවුසර් මගින් ජලය සැපයීමටත් සිදුව තිබේ.

එමෙන්ම ඉකුත් සති කිහිපය පුරා ඉන්දුනීසියාවේ සහ ස්විට්සර්ලන්තයේ වනාන්තර ආශ්‍රිතව දරුණු ලැව්ගිනි පැතිර ගියේ එම රටවලට බලපෑ වියළි කාලගුණයත් සමඟය.

ලෝකයට එලෙස බලපෑම් කළ එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළේ මෙරට දිස්ත්‍රික්ක රැසකට දැඩි නියං තත්ත්වයක් ඇති කර තිබේ.

ජනප්‍රිය පුවත්  අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්..

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජලය සපයාගත නොහැකිව පවුල් 35,000 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඉන් ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් මගින් ජලය සපයාදීමට පියවර ගත්තත් තවමත් බොහෝ ප්‍රදේශවල ජනතාව සහ සතුන් දැඩි පීඩාවට පත්ව ඇත්තේ ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙනි.

පොළොන්නරුවට මාස 4ක් පුරා පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

මෙරට ගැඹුරුම වැව ලෙස සැලකෙන පොළොන්නරුව ගිරිතලේ වැවේද ජල මට්ටමද අක්කර අඩි 9580 ක් දක්වා පහළ බැස තිබේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය ද මේ වනවිට පහත බැසීමත් සමඟ එකල පරාක්‍රමබාහු රජතුමා ඉදිකරන ලදැයි සැලකෙන සීත මාලිගාවේ නටඹුන් මතුව ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x