විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්යට කරුණක්.. – පූජ්ය බෙංගමුවේ නාලක හිමි
1 min read
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්යට කරුණක් යැයි අමරපුර ශ්රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්ය හමුවක් අමතමින් පැවසූහ.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
“විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කළ යුතුයි. එසේ නොකර එය කිරීමට නීතිමය බලයක් නැහැ. අපේ රටේ නීතීඥ සංගම් පමණක් නොවේ ජාත්යන්තර නීතීඥ සංගම් පවා රජය කිරීමට යන මේ විනිසුරු සේවා දිගුවට විරුද්ධයි. උගතුන් බුද්ධිමතුන් රටේ ජනතාව මෙයට විරුද්ධයි. මේ විදියට විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමෙන් පෙනී යන්නේ අධිකරණය දේශපාලනය කිරීමට දරණ උත්සාහයක් බවයි. මේ විදියට ගියොත් විනිසුරුවරුන්ට තමන්ගේ වෘත්තීය ගෞරවය රැකගෙන විනිශ්චයාසනයේ රාජකාරි කිරීමට නොහැකි වෙන අතර එය ඉතාම භයානක කරුණක් වන බව නොඅනුමානයි.
මේ වනවිට අභියාචනාධිකරණයට විනිසුරු පුරප්පාඩු හතරකුත් ශ්රේෂ්ඨාධිකරණයට විනිසුරු පුරප්පාඩු හතරකුත් තිබියදී එම හිඟය සම්පූර්ණ නොකර මේ අන්දමින් විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
මේ ආණ්ඩුවේ යටි අරමුණ මේ තුළින් හෙළිවී ඉවරයි. ඔවුන්ගේ එකම, අරමුණ තමන්ට අවශ්ය පරිදි අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු තීණ්දු ලබාගැනීමයි. පවතින නීතිය තමන්ගේ වාසියට වෙනස් කිරීමට යෑමෙන් මේ ආණ්ඩුව තවතවත් පිරිහීමට ලක්වීම කාටවත්ම වළක්වන්න බැහැ.”
