October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”ආපු ගල් අඟුරු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්” – නාමල් රාජපක්ෂ

1 min read

මෙරටට ගෙන එන ලද ගල් අඟුරු නැව් 19 තුළින් මෙට්‍රික් ටොන් 120,000ක ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 462ක් වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අතුරුදන් වූ මෙම ගල් අඟුරු ප්‍රමාණය නැව් දෙකක ධාරිතාවට සමාන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”බාල ගල් අඟුරු ගෙනාවා. ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19 ගෙනාවා විතරක් නෙමෙයි. ආපු නැව් 1 9න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්. මෙට්ට්‍රික් ටොන් 120,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නෙ නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙමෙයි ගත්තෙ කියලා. අපිත් රටේ ජනතාවත් හිතුවා කාලා බලලා නෑ ගත්තට පස්සේ තමයි කාලා තියෙන්නේ කියලා. බලනකොට ගත්තට පස්සෙත් කාලා. ගෙනාපු නැව් දෙකකුත් ගිල්ලා. කවුද මේ නැව් ගිල්ලේ. මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදහන් ගෙනාපු නැව් 19න්. ගෙනාවට පස්සෙත් කාලා. ගේන්න කලිනුත් කාලා.”

ජනප්‍රිය පුවත්  කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x