මාලිමාවට බලය හිමි වැලිගම ප්රාදේශීය සභාවේ අයවැය පරදවයි..
1 min read
වැලිගම ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය අද (13) දින සභාවට ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභාපති, නීතිඥ චින්තක හේවාපතිරණගේ මූලිකත්වයෙන් අයවැය ඉදිරිපත් කිරීම සිදු වූ අතර, අනතුරුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 22ක් ද, විපක්ෂව ඡන්ද 23ක් ද හිමිව තිබේ.
ඒ අනුව, එක් වැඩි ඡන්දයකින් වැලිගම ප්රාදේශීය සභාවේ 2027 අයවැය පරාජයට පත් කිරීමට පොදු විපක්ෂයේ කණ්ඩායම සමත් විය.
