October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිවුරට යුක්තිය නිදහසේ පා ගමනට වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ කල්‍යානන්ද තිරාණගම එක්වෙති.. මහජන පෙත්සමටත් අත්සන් තබති..

1 min read

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.

අද (14) දිනයේ නිට්ටඹුව නගරයෙන් ආරම්භ වූ පාගමන කඩවත නගරය දක්වා පැමිණීමට නියමිතය.

අද එම අවස්ථාවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ද එක්වූ අතර, ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අත්සන් කරනු ලබන මහ ජන පෙත්සමට ද ඔවුන් එහිදී අත්සන් කරනු ලැබීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x