ඇඳුමෙන්, කොණ්ඩයෙන්, පච්චයෙන් අපරාධකරුවෙක් කරන්නේ කොහොමද?.. – මුජිබර් රහුමාන් අසයි..
1 min read
කෙනෙකුගේ ඇඳුම, ඇඳුම් අඳින ආකාරය, කොණ්ඩය පීරන රටාව හෝ සිරුරේ පච්චයක් තිබූ පමණින් ඔහුව අපරාධකරුවකු ලෙස නම් කරන්නේ කෙසේදැයි යන්න විශාල ගැටලුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් පවසයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් මන්ත්රීවරයා කියා සිටියේ, වත්මන් රජය බලයට පත්වීමේදී ජනතාව පීඩාවට පත්කරන සියලුම අණපනත් ඉවත් කරන බවට පොරොන්දු ලබාදී තිබූ බවයි.
නමුත්, රජය මේ වන විට සංවිධානාත්මක අපරාධ පිළිබඳ නව නීති මෙන්ම ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත ද (PSTA) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එමගින් රජය ලබාදුන් පොරොන්දුවලින් සම්පූර්ණයෙන්ම බැහැරව කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.
මේ අනුව ආණ්ඩුව මෙවැනි අලුත් නීති රීති ඇතුළත් කරන්නේ, තමන්ගේ සිතැඟි පරිදි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ පරමාර්ථයෙන්දැයි යන්න බරපතල සැකයක් හා ගැටලුවක් පවතින බව මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්රකාශ කළේය.
