October 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිල සූත්‍රය අධ්‍යනය කරන්න ඛනිජ තෙල් බෙදුම්කරුවන් කල් ඉල්ලයි

1 min read

තම ප්‍රවාහන වියදම් ඉහළ නැංවීම පිළිබඳව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් අද (02) පස්වරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් පැවසුවේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර ඇති ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ලබන සඳුදා තෙක් කල් ලබාගත් බවය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරී මහතා සඳහන් කළේ, මෙහිදී තම යෝජනා සම්බන්ධයෙන් සාධනීය විසඳුම් කිහිපයක් ලබා ගැනීමට හැකි වූ බවය.

නව ගාස්තු සූත්‍රය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර එහි ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ලබන සඳුදා දක්වා තාවකාලිකව කල් ලබාගත් බව ද සභාපතිවරයා පැවසීය.

ඩීසල්, ටයර්, බැටරි, නඩත්තු වියදම් සහ සේවක වේතන ඇතුළු ව්‍යාපාරය පවත්වාගෙන යාමට යන පිරිවැය සලකා බලා ගාස්තු සංශෝධනයක් සිදු කිරීම මෙයින් අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම තම සංගමයේ ගණනය කිරීම්වලට අනුව සාමාන්‍යයෙන් 20%ක පමණ ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  බන්ධනාගාර ගැටුම පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරී මහතා:

“අද දින විශේෂ සාකච්ඡාවක් අපේ සංගම් දෙක අතර සිදුවුණා. එහිදී අපි දීර්ඝව සාකච්ඡා කළා මේ අලුතෙන් හඳුන්වා දෙන සූත්‍රය සහ අපේ ගාස්තුව කොහොමද වැඩිවෙන්නේ කියලා. ඒ සාකච්ඡාව මේ වෙනකොට අවසන් වුණා. එම සාකච්ඡාවේදී අපේ යෝජනා සම්බන්ධයෙන් සාධනීය විසඳුම් කිහිපයක්ම අපිට ලබාගන්න පුළුවන් වුණා. එහිදී අපි තව දවස් තුනක් කල් ඉල්ලා ගත්තා, ලබන සඳුදා වෙනකම්. මේක තවදුරටත් අධ්‍යයනය කරලා, මේ සූත්‍රයේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒකත් විසඳගන්න අපි කාලය ඉල්ලා සිටියා. ඒ අනුව අපි තාවකාලිකව ලබන සඳුදා වෙනකම් CPC ආයතනයෙන් කල් ඉල්ලා ගත්තා. විශේෂයෙන්ම CPC ආයතනය ලොකු උත්සාහයක් දැරුවා මේක නිවැරදි කරන්න.

ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන මොරටුව විශ්වවිද්‍යාලය, CPC සහ අපේ සංගම් දෙක අතර තමයි මේ දීර්ඝ සාකච්ඡාව පැවැත්වුණේ. ඒ අනුව අපිට දැනට විශ්වාසයක් තියෙනවා සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. ලබන සඳුදා තෙක් අවසන් තීන්දුව ලබාගැනීමට කල් ඉල්ලා ගත්තා. අපේ ගණනය කිරීමට අනුව සාමාන්‍යයෙන් 20%ක පමණ වැඩිවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් තවම යෝජනාවක් කර නැහැ. මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට යන වියදම් ඩීසල් වියදම, ටයර්, ටියුබ්, බැටරි, සේවක කුලී සහ නඩත්තු වියදම් සියල්ල සමඟ නිවැරදිම ගණනය ලබා ගැනීම තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ.”

ජනප්‍රිය පුවත්  වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x