August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,000 සීමාව ඉක්මවයි

1 min read

2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළ ගොස් තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී රෝගීන් 9,699 දෙනෙකු වාර්තාවී ඇති බවය.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තාවී ඇති බව සඳහන්ය.

මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 50,287කි. දකුණු පළාතෙන් රෝගීන් 13,843ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,647ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,808ක් ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 20,248ක් වේ.

තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,842 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,931 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,125 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,122 දෙනෙකු වාර්තාවී ඇත.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x