October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද සටනෙ අවසන් දවස නොව ආරම්භයයි..!

1 min read

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පුණ්‍ය භූමියෙන්, වාරියපොළ සුමංගල නාහිමියන්ගේ සිංහ නාදයේ ප්‍රතිමාව අභියසින් පසුගියදා ආරම්භ වුණු ඒ මහා සංඝ විරෝධතාව හුදෙක් එක් පාගමනක් පමණක් නොවේ..

එය මේ රටේ බෞද්ධ උරුමය සහ භික්ෂුත්වයේ ගෞරවය වෙනුවෙන් නැඟුණු සාධාරණත්වයේ මහා හඬයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් සිරගත කර, උන්වහන්සේගේ සිවුරට සිදුකළ නිග්‍රහයට එරෙහිව මහ සංඝරත්නය මහ පාරට බැස්සේ රටේ පාලකයන්ගේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බැවිනි..

නමුත් මේ සටන එතැනින් පමණක් නතර විය යුතු නැත..

මහනුවරින් ඇවිළුණු ඒ සාධාරණත්වයේ ගිනිසිළුව මුළු උතුරු-නැගෙනහිර පුරාම වැනසෙන අපේ පෞරාණික බෞද්ධ උරුමයන් වෙනුවෙන් මෙහෙයවිය යුතු කාලය එළඹ ඇත.

11 වෙනිදා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් ඇරඹි ඥාණසාර හාමුදුරුවන්ගෙ සිවුර ගැලවීමට එරෙහි සිංහල බෞද්ධ ජන හඬ අද කොළඹින් අවසන් වන්නෙ අනුර ගෙ නිරාගාමික ආණ්ඩුව දෙදණින් දණ ගස්සවාගෙන පමණක් නොව නලලද බිම අතුල්ලමින්ය….

සිංහල බෞද්ධ ජනතාව යනු මී මැස්සන් සේ සහජීවනයෙන් තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නා උන්ය. හැබැයි උන්ගෙ ඒ පාඩුවෙ සිටීම නෝන්ජල් කමක් සේ සිතා උන්ට රිදවූ කළ උන් දෙබරුන්ටත් වඩා ප්‍රචණ්ඩය…

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු කාලා බලන්න බෑනේ! බංකුවක් අරගෙන එන්න අසූචි පෝර නැවේ කතාවත් අදම උඹලට කියලා දෙන්න!

ජනතාව අනුරගෙ නිරාගාමික ආණ්ඩුවට එරෙහිව නැගී සිටියෙ ඥාණසාර හාමුදුරුවන්ගෙ සිවුර ගැල වූ නිසාමද…?

නැත…

මේ ආණ්ඩුව ආ දවසෙ සිට සිදුකළ බෞද්ධ විරෝධී වැඩපිළිවෙළ ජනතාවගෙ සිත් තුළ කැකෑරෙමින් පැවති වේදනාවක් විය..

🔴 ජයමංගල ගාථාවන්ට පස්ස හරවමින් ආණ්ඩුව තම අවමංගල ගමන ඇරඹුවේය…

🔴 ජාතික ජන බලවේගයට බලය හිමි අම්පාර උහන ප්‍රාදේශීය සභාව සාම්ප්‍රදානුකූලව නමස්කාරය කර ආගම සිහි කර සභාවෙ වැඩකටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම මත එය ගුටිබැට හුවමාරු කිරීමෙ ගැටුමක් බවට පත්විය…

🔴 ජාතික ජන බලවේගයට බලය හිමි පානදුර නගරසභාවෙ බුදුපිළිමය නගරසභාව භූමියෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගැටුමක් ඇති විය..

🔴 “ඇතැම් පිරිස් පෝය දිනවල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි පූජනීය ස්ථාන පසුකරමින් යාපනයට පැමිණෙන්නේ සිල් සමාදන් වීමට හෝ ආගමික වතාවත්වල නිරත වීමට නොව, ජාතිවාදය වැපිරීමට සහ වෛරය පැතිරවීමට” බව සිංහල බෞද්ධ රටේ ජනාධිපතිවරයා යාපනය තිස්ස විහාරය සම්බන්ධයෙන් තක්කඩි ප්‍රකාශයක් සිදු කළේය..

එම ප්‍රකාශය සිදු කරන විට අනුරගෙ දෙඇස් රා කළ සොලොසක් බිවු නාලාගිරි ඇතාගෙ ඇස් මෙන් කෝපයෙන් සහ වෛරයෙන් යුක්ත විය.

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 2.5 හොරාකාලා රංගව පැටලෙව්ව හැටි!

🔴 ආණ්ඩුව ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන භූමියේ බුදු පිළිමය ආණ්ඩුවෙ පොලීසිය විසින් ඉවත් කලේ බෙල්ලෙන් අල්ලාගෙන ගොස්ය..

එහිදී එය ආරක්ෂා කරන්නට ඉදිරිපත් වූ භික්ෂූන් වහන්සේලාට පහර දුන්නේය.. ඔවුන්ව බන්ධනාගාරගත කළේය.

ආණ්ඩුව එහිදී හැසිරුණේ හරි අපි බලාගමු කොහොමහරි ඔතනින් බුදු පිළිමය ඉවත් කරනවා වැනි උද්දච්ච මානසිකත්වයෙනි..

🔴 මුලතිව් කුරුන්දි විහාරය, පොතුවිල් මුහුදු මහා විහාරය, කන්නියා උණුදිය ළිං සහ ශිව කෝවිල අවට නටබුන්, ත්‍රීකුණාමලය ගිරිහඬු සෑය, යාපනය ඩෙල්ෆ් දූපතේ නටබුන් සම්බන්ධයෙන් ඇති වූ ගැටළු තුළ සිංහල බෞද්ධ ජනතාවගේ ඉවසීමෙ සීමා ඉර පරීක්ෂා කරමින් තිබුණි..

🔴 මඩකලපුව මයිලත්තමඩු-මාදවනෙයි ගොවිබිම් වලින් සිංහල ජනතාව පළවා හරින තත්වයක් උදා විය..

🔴 කුරුණෑගල පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයයි භාවනා කුටිද කඩා දමා එහි හෙක්ටයාර 167 කින් 100 ක් එම ආරණ්‍ය සේනාසනයේන් ඉවත් කිරීමට තීරණය කර ඇත..

🔴 දේශපාලන තීන්දු තීරණ මත දළදා වහන්සේ දැක්ම සිදු කිරීම නිසා සිදු වූ ශාපය පසුකාලීනව මහනුවර ඇති වු කාලගුණික විපර්යාසයන්යන්ට හේතුවක් යැයි ජනතාව විශ්වාස කරමින් ඇත..

🔴 අනුරාධපුරයෙ රුවන්වැලි සෑය ආශ්‍රීත සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉන්දියාවෙන් ලැබෙන ආධාර වල හිලව්වට එහි රාම දේවාලයක් ඉදිකරන්නට යන බවට පුවතක් සමාජ මාධ්‍යයෙ සංසරණය වෙමින් ඇත..

ජනප්‍රිය පුවත්  මාලිමා කලාකරුවාගේ පවුම් වංචාව!

අනුරගෙ ආණ්ඩුවෙ පසුගිය වසර දෙක තුල සිදු වූ එම අකටයුතු කම් දෙස සිංහල බෞද්ධ ජනතාව උපේක්ෂාවෙන්, ඉවසීමෙන් බලාගෙන සිටියෙ තමන්ට තමන්ගෙ විරෝධය ප්‍රකාශ කිරීමට දවසක් එනතුරුය..

අනුරගේ ආණ්ඩුව ඥාණසාර හාමුදුරුවන්ගෙ සිවුර ගලවා හඬන්නට සිටි සිංහල බෞද්ධ ජනතාවගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නේය..

මහනුවරින් ඇරඹි සංඝ පා ගමනට සමගාමීව රට පුරා සංඝයා වහන්සේලා වීදි බසින්නට විය..

මෙය ආණ්ඩුව කිසිසේත්ම බලාපොරොත්තු නොවු සිංහල බෞද්ධ ජනතාවගෙ නැගිටීමක් විය.

මේ සිංහල බෞද්ධ ජනතාවගෙ නැගිටීමට ආණ්ඩුව කොතරම් බය වූවාදැයි කිවහොත් හාමුදුරුවන්ගෙ සිවුර ගැලවීම සම්බන්ධයෙන් සති දෙකකින් දෙනවා යැයි කියු වාර්තාව දවස් දෙකකින් දෙන්නට සිදු විය..

ඥාණසාර හාමුදුරුවො වෙනුවෙන් ඇරඹි සටන අද සංකේතාත්මකව කොළඹින් අවසන් වුවත් එය නොනිමි සටනක ආරම්භයක් වනු ඇත…

  • නිලන්ත සත්සර ගමගේ ✍️
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x