September 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

1 min read

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (03) පෙරවරුවේ සිට විභාගයට ගනු ලැබීය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 15ක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු විසින් අද විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කළ අතර ඔවුන් සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පත තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධිකරණ බලයද කප්පාදු වන බවයි.

ඒ අනුව, අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සංකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරුන්ගේ දේශන අවසන් කෙරුණු අතර වැඩිදුර දේශන හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනප්‍රිය පුවත්  රංජිත් රාජසිංහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ධුරයට

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x