ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කරයි
1 min read
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් (21) දින විවෘත කල බව ඒම ජලාශභාර ඉංජිනේරුවන් පවසීය.
තවදුරටත් එම ප්රදේශවලට අධික වර්ෂාවක් පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැළකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
